පොසොන් උත්සවය

සමනාමයම් මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගථා

යන ගාථාවෙන් ….. තමන්වහන්සේ, ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවත්, ලක්දිව රජතුමා කෙරෙහි අනුකම්පාවෙන් ලක්දිවට සැපත් වූ බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක.

ක්‍රි.ව. 3 වන සියවසේ මැද භාගයේ පමණ ඉන්දියාවේ රජකළ අශෝක රජතුමා ශ්‍රද්ධාවත් බෞද්ධයෙක් විය. බුද්ධ ශාසනයේ දියුණුවට අතිමහත් සේවයක් කළ අතර තමන්ගේ රටේත් අසල්වැසි රටවලත් බුදු දහම පතුරුවා හැරීමට වෙහෙසුනේය. රටවල් 09 කට ධර්මදූත කණ්ඩායම් 09 ක් යැවීය. ඉන් එක් රටක් අපේ ශ්‍රී ලංකාවයි. එකල ශ්‍රී ලංකාවේ රජ කළේ දේවානම්පියතිස්ස රජතුමායි. එතුමා අශෝක රජතුමාගේ නොදුටු මිත්‍රයෙක් විය. එනිසා අශෝක රජතුමා විශේෂ ධර්මදූත කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවූ අතර එතුමාගේ පුත්‍ර මිහිඳු මහරහතන් වහන්සේ එම ධර්මදූත කණ්ඩායමේ නායකත්වය දැරූහ.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන දූත කණ්ඩායම මෙරටට වැඩම කළේ පොසොන් පොහෝ දිනකය. එදින ලක්දිව සැනකෙළි පැවැත් වූ දිනයක් විය. දේවානම්පියතිස්ස රජතුමා රටවැසියන්ට සැනකෙළි පැවැත්වීමට නියම කොට පිරිවර සමඟ මුව දඩයම පිණිස මිස්සක පව්වට (මිහින්තලාව) ගමන් කළේය. දුනු හී රැගෙන මුවෙකු පසුපස එළවන රජුට මිස්සක පව්වේ අම්බස්තලය නැමති ස්ථානයේදී මිහිඳු මහරහතන් වහස්සේ මුණ ගැසුනහ. එහිදී වූ කතා බහේදී රජතුමා මිහිඳු මහරහතන් වහස්සේ හැඳිනගත්හ. ඉන්පසු මිහිඳු මහ රහතන් වහන්සේ රජතුමා ඇතුළු පිරිසට දහම් දේශනා කළ අතර දහම් අසා පැහැදුන රජතුමා ඇතුළු සියලුමදෙනා බුදු දහම වැළඳගත්හ. මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ අනුදැනුම ඇතිව ලක්දිව බුදු සසුන පිහිටවූහ. ඉන්පසු බුදු සසුන මෙරට දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු රජතුමා විසින් ඉටු කළේය.

පසුව සුමන සාමනේරයන් වහන්සේ අත අශෝක රජතුමාට පණිවුඩ යවා සර්වඥ ධාතූන්වහන්සේලා වැඩමකරවා ගත් අතර ඒවා නිධන් කොට දාගැබ් තෑනීමට අවශ්‍ය උපදෙස් දුන්හ.

ඉන්පසු ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් දෙකක් නොව එකක් ලෙස එදා සිට අද දක්වාම පැවත එන්නේය. උන්වහන්සේ රජතුමාට පැවසූ වැදගත්ම වැකි පෙළක් වන්නේ,

“මහරජ ……. ඔබ මෙහි අයිතිකරුවා නොව භාරකරුවා පමණි.
ඔබට මෙන්ම මෙහි ජීවත් වන සතා සිවුපාවුන්ටද
නිදහසේ ජීවත්වීමේ අයිතිය ඇති බව සලකන්න.”

 

Samanamayam maharaja- dhammarajassa savaka

Thameva Anukampaya-Jambudeepa Idagatha

These Pali verses were the first words uttered by the Thera Mahinda to the king of Lanka, introducing himself as a disciple of the Buddha, come from India to spread the message of Buddhism in this country out of compassion for its people.

Emperor Asoka, who ruled over a vast territory of India, was a pious Buddhist. The services he rendered to the Buddhist faith were immense. The most important among them was sending Buddhist emissaries to nine countries to spread the faith. Sri Lanka was one country to benefit from this act. The ruler here at the time was King Devanampiya Tissa, who had been an unseen friend of Asoka. The group of messengers that carried the teaching of the Buddha to Lanka was headed by Asoka’s own son, the Arhant Mahinda.

It was on a Poson (the June full moon) day that the emissaries made it here. In the pre-Buddhist era the day happened to be a festival day in Lanka, and that night King Devanampiya Tissa was out hunting deer with his courtiers at Mihintale. It was while pursuing a deer that the king came across the Arhant Mahinda in the place called Ambasthala in Mihintale. After listening to the first sermon delivered by the Arhant Mahinda, the royal party converted to Buddhism. The new religion was thus established in Sri Lanka.

The youngest member of Arhant Mahinda’s retinue, the novice monk Sumana, was then dispatched to India to bring back sacred relics of the Buddha. The Arhant Mahinda instructed on how the relics are to be enshrined in stupas.

From that day on, Buddhism and the Sinhalese nation were amalgamated to become one. Some of the most momentous words the great Arhant uttered to the king were:

“ O king,…. You are not the owner of this land; only its keeper. The beasts and birds living here have the same right to life as you do.”