තෙමඟුලේ උත්සවය

ගහ කොළ අතු අග මල් ඵල දරා සූදානම් වෙන්නේ ළඟ ළඟ එන වෙසක් සමය පිළිගන්නයි. මෙලෙසින් සෙබාදහමට සමගාමීවම අපිත් වෙසක් උත්සවය සමරන්න සූදානම් වෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන මංගල කාරණා තුන මුල් කරගෙන තමයි අපි වෙසක් උත්සවය සමරන්නේ. වෙසක් උත්සව පැවැත්වීම ආරම්භ වුණේ බුදුන් වහන්සේගේ පරිණිර්වානයෙන් පසුවයි.

එලෙස බලනවිට වෙසක් උත්සවය සැමරීම ඉතාමත් ඈත අතීතයේ සිටම පැවතෙන්නක්. ලංකාවේ වෙසක් උත්සවය පැවැත්වීම සම්බන්ධයෙනුත් දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. මම විශ්වාස කරන ආකාරයට වෙසක් උත්සවය සැමරීම ආරම්භ කර තිබෙන්නේ දුටුගැමුණු මහරජතුමා විසින්. ඒවගේම අතීතයේ සිටි අපේ රජ දරුවන් ඉතාමත් ඉහළින් වෙසක් උත්සවය සමරා තිබෙනවා. ඔවුන් එලෙස වෙසක් උත්සවය සැමරීමෙන් පසුව ඔටුනු පැළඳීමක් සිදුකර තිබෙනවා. එලෙස දුටුගැමුණු මහරජතුමා ඔටුනු විසි හතරක් පැළඳ තිබෙනවා. ඒ කියන්නේ එතුමන් වෙසක් උත්සව විසි හතරක් පවත්වා තිබෙනවා. එපමණක් නෙවෙයි අපගේ ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව භාතිය රජු ඔටුනු විසි අටක් සහ වසභ රජු ඔටුනු හතලිස් හතරක් පැළඳ තිබෙනවා. ඒ මගින් පැහැදිලි වෙන්නේ පෙර රජ දරුවන් මහා ඉහළින් වෙසක් උත්සව පවත්වා ඇති බවයි.

ලොව අනෙක් බෞද්ධ රටවල් සමඟ සැසඳීමේදී ශ්‍රී ලංකාවේ අපි වෙසක් උත්සවය සමරන ආකාරය ඉතාමත් සුවිශේෂයි. ලොව මහායාන රටවල වෙසක් සමරන්නේ වෙනස්ම ආකාරයකට. නමුත් ථේරවාද රටවල වෙසක් සැමරැම් මහ ඉහළින් පවත්වනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. අනෙකුත් රටවල්වල උත්සවාකාරයෙන් වෙසක් උළෙල සමරන්නේ නැති වුනාට ශ්‍රී ලංකාවේ එය උත්සවයක් ලෙසින් පවත්වන්නේ එම රටවල්වල නොමැති වෙසක් කූඩු, තොරණ් සහ සල් උයන් ආදී වූ විවිධාකාරයේ නිර්මාණයන් සිදුකරමිනි. මේ නිසා අප රටේ විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් බිහිවෙනවා. කැටයම් ශිල්පීන්, විදුලි කාර්මික ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්, කවි සහ විරිදු ගායකයින්, සංගීත ශිල්පීන් මෙන්ම ගීත නිර්මාණකරුවන් ආදී වූ විවිධාකාරයේ නිර්මාණකරුවන් බිහිවෙනවා මෙන්ම එම ක්ෂේත්‍රයන්හි සිටින නිර්මාණකරුවන්ට සිය හැකියාවන් වර්ධනය කරගැනීමටත් එම හැකියාවන් ඉදිරිපත්කර ඇගයීමට ලක්වන්නත් අවස්ථාව උදාවෙනවා.

ලොව අනෙකුත් බෞද්ධ රටවල වෙසක් සැමරුවත් ශ්‍රී ලංකාවේ තරම් දන්දීමේ කටයුතු ඒ රටවල සිදුවන්නේ නැහැ. අපි දුගී මගී යාචකාදීන්ට පමණක් නෙවෙයි, කිසිඳු භේදයකින් තොරව සෑම කෙනෙක්හටම දන්සැල් වලින් කන්න බොන්න දෙනවා. වෙසක් සතිය පුරාවටම විවිධාකාරයේ දන්සැල් පවත්වන්නේ ඒ නිසයි. මිනිසුන්ට පමණක් නෙවෙයි සතුන්ටත් කන්න බොන්න දෙනවා. කිසිම පුද්ගලයෙක් හෝ කිසිම සතෙක් නිරාහාරව තියන්නේ නැහැ. මිනිසුන් වෙනුවෙන් දන්සැල් පවත්වද්දී සතුන් උදෙසා බලු කපුටු දාන දෙනවා. මෙලෙසින් දානමානාදී කටයුතු සිදුකරන ලොව එකම රට වන්නේ ශ්‍රී ලංකාවයි.

අපේ රටේ සෑම බෞද්ධාගමික සැමරුමක්ම සිදුකරනු ලබන්නේ උත්සවයක් ලෙසින්. එමගින් රටවැසියන් හට උද්‍යෝගයකින් කටයුතු කිරීමට හැකිවන අතරම එවන් කටයුත්තකදී සෑම දෙනාම එකාමෙන් ඒකරාශී කිරීමටද හැකියාව ලැබෙනවා. වෙසක් පොහොය දිනයේදී සෑම නිවෙසකම පහනක් හෝ දැල්වීම ශ්‍රී ලාංකිකයින්ගේ පුරුද්දක්. අන්‍යාගමික නිවෙස්වල පවා වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි දක්නට ලැබෙනවා.

වෙසක් සමයේදී වෙසක් කූඩු තැනීමේ කාර්යයේත් සැඟවුණු යටි අරමුණු කිහිපයක් දක්නට ලැබෙනවා. අතීතයේ සිටි අපේ මුතුන්මිත්තන් අවුරුදු සමය අවසන් වෙනවත් සමඟම වෙසක් උත්සවය සඳහා සූදානම් වෙනවා. එහිදී බටපතුරු කපා වෙසක් කූඩු තනන්නේත්, අලංකාරවත් කැටයම් අලවා ඒවා හැඩ කරන්නේත් පවුලේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාම එකතු වෙලයි. රාත්‍රී කාලයට පවුලේ සාමාජිකයින් එකතු වී සැමදෙනාගේම මහන්සියෙන් සහ උත්සහයෙන් අලංකාර වෙසක් සැරසිලි සිදුකරනවා. එමගින් පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ එකමුතු බව වර්ධනය වෙනවා මෙන්ම සංයමයකින්, ඉවසීමකින් වැඩක නිරත වෙන්න පුහුණුවකුත් ලැබෙනවා. භාවනාවකට සමවැදුනාක් මෙන් සෑමදෙනාම එක්වී මේ කටයුතු කිරීම මගින් ඒ කාලය තුළදී පවකට යොමුවෙන්නෙත් නැහැ. ඒ වගේම දින ගණනාවක් පුරාවට පවුලේ සියලුදෙනාගේ මහන්සියෙන් නිමකරන වෙසක් කූඩුව වෙසක් දිනයේ එල්ලා හැඩ බලන්නෙත් ඉතාමත් සතුටකින්. නමුත් හදිසියේ ඇතිවන වැස්සකට තෙමීම හෝ වෙසක් කූඩුව ආලෝකමත් කිරීමට දැල්වූ ඉටි පන්දමෙන් වෙසක් කූඩුව පිච්චී විනාශවීම වැනි දේත් සිදුවෙනවා. එමගින් පසක් වෙන්නේ අප මහා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද සනාථන දහම වන සියලු දේ නැසෙන සුලුයි යන අනිත්‍යයි.

නමුත් අද මේ සියල්ලම වෙනස් වෙලා. එදා පවුලේ සාමාජිකයින් එකතුවෙලා තැනුව වෙසක් කූඩු වෙනුවට වෙළඳපොළේ තිබෙන විවිධාකාරයේ වෛවාරණ වෙසක් සැරසිලි භාවිත කරන්න අද සමාජය පුරුදුවෙලා. ඉතින් මේ පින්බර වෙසක් සමයේ මම ඔබ සියලුදෙනා හටම ඉතාමත් කරුණාවෙන් පවසා සිටින්නේ වෙළඳපොළෙන් වෙසක් සැරසිලි මිලදී නොගෙන නිවසේ සියලුදෙනා එකතු වෙලාම වෙසක් නිර්මාණ සිදුකරන්න කියලයි.

The thrice-blessed day

As May approaches, nature puts forth a magnificent display of flower and fruit in anticipation of Vesak, just as we prepare for the festival. Vesak was when Siddhartha Gautama was born, attained enlightenment or Buddhahood, and entered parinirvana. The practice of celebrating Vesak began after the parinirvana of the Buddha, a very long time ago. We Sri Lankans have been celebrating the festival for almost just as long. It is my belief that the tradition of celebrating Vesak was begun by the great King Dutgemunu. Those days the festival was celebrated with great pomp, and was followed by a coronation for the monarch. King Dutugemunu had held no less than 24 such annual coronations. Chronicles have it that King Bhathiya held 28 coronations, and King Vasabha, 44.

Sri Lanka’s Vesak celebrations stand out from those around the world. In fact no other country celebrates the day with so much festivity: pandols, lanterns, replicas of sal gardens and so much more are in evidence. In our country, a whole group of artistes of different types have been engendered thanks to Vesak day celebrations: carvers, artists, poets, musicians, electricians, virindu artistes…. Vesak is the day when these artistes get to showcase and hone their talents.

No other country practices almsgiving with the same fervor as we do. Our dansel are open not just to the poor but to anyone who chooses to come in. And we feed animals, not only fellow humans. Balu kaputu dana are held to feed dogs and crows. We are the only country to do that.

In our country, each Buddhist celebration is a grand festival. All citizens get together with devotion and eagerness. On the Vesak day a lantern would be visible outside each and every household, even non-Buddhist ones.

The tradition of preparing lanterns serves a number of important purposes. Our ancestors got ready for Vesak as soon as Avurudu was over. All members of the family get together to make lanterns. As the Vesak night approached they hung up the lanterns together. Not only did this bring the members of the family together, it also inculcated in them the ability to work with discipline and concentration.

When the lanterns are finally lit they bring great joy to those who toiled to make and illuminate them. Accidents also happen, and often a lantern gets ruined by rain or gets burnt up by the candles used to light them up. Such incidents remind us the doctrine of the Buddha; that all things come to an end.

But people no longer can experience such joy. Instead of preparing lanterns at home people have got into the habit of buying all ornaments from shops.  My message to you on this Vesak day is to create your own Vesak decorations instead of buying them; and experience the difference and the joy it brings.