සමනාමයම් මහාරාජ – ධම්මරාජස්ස සාවකා
තමේව අනුකම්පාය – ජම්බුදීපා ඉදාගථා
යන ගාථාවෙන් ….. තමන්වහන්සේ, ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවත්, ලක්දිව රජතුමා කෙරෙහි අනුකම්පාවෙන් ලක්දිවට සැපත් වූ බවත් මිහිඳු මහරහතන් වහන්සේ වදාළ සේක. (more…)
ගහ කොළ අතු අග මල් ඵල දරා සූදානම් වෙන්නේ ළඟ ළඟ එන වෙසක් සමය පිළිගන්නයි. මෙලෙසින් සෙබාදහමට සමගාමීවම අපිත් වෙසක් උත්සවය සමරන්න සූදානම් වෙනවා. සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන්පෑම යන මංගල කාරණා තුන මුල් කරගෙන තමයි අපි වෙසක් උත්සවය සමරන්නේ. වෙසක් උත්සව පැවැත්වීම ආරම්භ වුණේ බුදුන් වහන්සේගේ පරිණිර්වානයෙන් පසුවයි.
දුටුවන් නෙත් පිනවන, භක්තියාදරය උතුරන රුවන්වැලි සෑය නිර්මාණය කළ දුටුගැමුණු රජු, ලාංකේය ඉතිහාසයේ පහළ වූ ශ්‍රේෂ්ටතම නායකයා යැයි පැවසිය හැකිය. ඈත අතීතයේ සිට අද දක්වාම කතා බහට ලක් වන්නට, ගෞරවාදරයට පාත්‍ර වන්නට සහ අන් රජුන් අතර කැපී පෙනෙන්නට දුටුගැමුණු රජුට හැකි වී ඇත්තේ ඔහු සතු වූ අසහාය පෞරුෂයය නිසාය. එඩිතරබව හා එක් වූ කරුණාව, රට කෙරෙහි තිබූ අසීමිත ළෙංගතුබව, සංවේදී බුද්ධිමත්බව ආදී සියල්ල ඔහුගේ පෞරුෂය ඉහළින් ඔසවා තැබීමට සමත් විය.
“Water is a resource, which was revered as a god. Before having hopes about a great life learn to respect the nature, which created that life.”
Ven. Elle Gunawansa thero
Our country is based on agriculture. Water can thus be named as an important concept of the liaison between the agriculture and culture. Therefore, the two main tokens of this ancient village society were ‘Wewa’ (tank) and ‘Dagaba’ (Stupa). Our kings never forgot to upgrade the quality of life by constructing rivers and creating a self-sufficient country. Nor did they forget to improve the spirituality of people by constructing stupas.
“වතුර කියන්නේ දේවත්වයෙන් සැලකුම් ලැබූ සම්පතක්. ජීවිතය ගැන පැතුම් පොදි බඳින්නට කලින් ඒ ජීවිතය දුන්නු සොබා දහමට ගරු කරන්න ඉගෙන ගන්න.”
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්ථවිර
අපි කෘෂිකර්මාන්තය මත පදනම් රටක්. කෘෂිකර්මාන්තය සහ සංස්කෘතිය අතර ඇති සබඳතාවයේ ඉතා වැදගත් සංකල්පයක් ලෙසින් ජලය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ගැමි, සම්ප්‍රදායික පැරණි සමාජයේ ප්‍රධානතම සංඛේතයන් දෙක වූයේ වැව සහ දාගැබයි. වැව තනා රට දියෙන් ස්වයංපෝෂිත කරමින් ජීවන තත්ත්වය උසස් කරන අතරේ දාගැබ් තනමින් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කරන්න අපේ රජවරු අමතක කළේ නැහැ.